“මම හෙව්වෙ ආදරය..ඒත් මට නොලැබුණෙත් ආදරයමයි”පියුමි බොතේජු කිව්ව සංවේදී කතාව.

පියුමි බෝත්ජු කියන්නේ අපේ රටේ සුරූපී වගේම දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයව අපිට නිතරම දකින්න ලැබෙන්නේ ප්‍රහසන චරිතයන්ගෙන්.ඒ ගැන ඇය පසුගියදා මව්බිම පුවත්පතට මෙලෙස පවසා තිබුණා.“අපේ ක්‍ෂේත්‍රය තුළ තියෙන වරදක් තමයි ප්‍රහසන චරිතයක් කළොත් දිගට ම ගන්නේ ඒ වගේ චරිතවලට. මටත් එහෙමයි. දිගින් දිගට ම ප්‍රහසන චරිත ලැබෙන කොට හොඳ චරිත ලැබෙන්න තියෙන අවස්ථාව නැති වීම හානියක් තමයි. ඒත් සඳරුවන් ජයවික්‍රමගෙ ටෙලි නාට්‍යයෙ මම රඟපාන්නෙ හාස්‍යයෙන් මිදුණු චරිතයක්. එක පැත්තකින් මම හිතනවා මට කොමඩි වගේ ම සීරියස් චරිතත් කරන්න හැකියාව ලැබීම වාසනාවක් කියලා. මොකද මට කවදාවත් වැඩ නැති වෙලා නැහැ. දෙයියනේ කියලා වැඩ තියෙනවා.”

ඒ වගේම පියුමි හැම අවුරුද්දකම විශේෂ විධියට උපන් දිනය විශේෂ විධියට සමරන ඇය මෙවර අගෝස්තුවෙ උපන් දිනයට රටට, රටේ සියලු දෙනාට සහ මුළු ලෝක වාසීන්ට ම සෙත් පතලා පත්තිනි මෑණියන්ට කිරි දානයක් දෙන්න බලාපොරොත්තු වෙනවා කියලත් පවසා තිබුණා.

වගේම ඇයට ලැබුණු ආදරය ගැනත් විවාහය ගැනත් මෙන්න මේ විදිහට ඇය පවසා තිබුණා.“රංගන ජීවිතයෙන් එහා බැලුව ම මමත් සාමාන්‍ය ගැහැනියක්. අම්මා, තාත්තාගේ ආදරය මගේ ම කියන අයගෙ ආදරය මට ලැබිලා තියෙනවා. එතැනින් මිදුණා ම මට අමතක නොවන ආදරයක් ලැබුණෙ, අදටත් ලැබෙන්නෙ මගේ රසිකයන්ගෙන්. ඒ තරම් වටින දෙයක් මට වෙන නැහැ.විවාහය කියන්නෙ කාන්තාවකට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි.කසාද බැඳලා ඇත්තට ම සතුටින් සැනසීමෙන් ඉන්න අයට වඩා කසාදය පීඩනයක් වුණ කාන්තාවන් වැඩියි කියලයි මං දැකලා තියෙන්නේ.දරුවෝ නිසා එහෙමත් නැත්නම් පවුලෙ අයට ලැජ්ජ වෙයි කියලා විවාහය එල්ලගෙන යන කාන්තාවෝ අපේ සමාජයෙ ඕන තරම්.සමහර මවුපියෝ ඉන්නවා දරුවෝ කසාද බන්දලා දීලා ප්‍රශ්න දැක්ක ම කියන්නෙත් කසාද බැන්දනම් මොන දේ වුණත් වෙන් වෙන්න එපා කියලා.මං හිතන්නෙ නැහැ කිසි ම කෙනෙක් විවාහ වෙන්නෙ වෙන් වෙන්න බලාගෙන කියලා. ඒත් ඒ ජීවිතය තුළ සැනසීමක් නැත්නම් තියෙන්නෙම පීඩනයම විතරක් නම් වෙන්වෙන එක හොඳයි.එහෙම බලද්දී මං හිතන්නෙ විවාහය කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි.මං ආදරය නිසා බැටකාපු කෙනෙක්. ඒ හින්දා මං කණාමැදිරි එළියටත් බයයි. මං කැමැති ආදරයට මං හෙව්වෙත් ආදරය.ඒත් මට නොලැබුණෙත් ඒකමයි.”

ඒ වගේම ඇයගේ සමේ පැහැය ගැන ප්‍රේක්ෂකයින් පවසන දේ වලටත් ඇය මෙලෙසින් පිළිතුරු දී තිබුණා.“කිසි ම දවසක මම ඉන්ජෙක්ෂන් එක පාවිච්චි කරලා නැහැ. එහෙම කියන අයට මං කියනවා ඒක ඔප්පු කරලා පෙන්නන්න කියලා. අනික මගේ අම්මව දකින කෙනෙක් මට ඔය දේ කියන්නෙ නැහැ. මං පුංචි කාලෙත් ගොඩක් සුදු කෙනෙක්. ඒක ලොකු වෙන කොට පාසලේ ක්‍රීඩා කටයුතුවලට ගොඩක් සහභාගි වුණ නිසා ටිකක් කළු වුණා. මම විතරක් නෙවෙයි ඉස්කොලෙ යන කාලෙට ඕන කෙනෙක් එහෙමයි. ඊට පස්සේ ආයෙ ඉතින් මගේ තිබුණ පාට ආයෙ ඉස්මතු වෙලා තියෙනවා. මම ක්ලීන් අප් එකක් එහෙම කරලා මගේ පෙනුම රැක ගන්නවා. අනික ඉන්ජෙක්ෂන් එකට සුදු වුණා ම හොයන්න පුළුවන්. මට තියෙන්නෙ එහෙම කෘත්‍රිම පැහැයක් නෙවෙයි.”

 

إرسال تعليق