අසරණකම දැනුනු නතාෂා පෙරේරා තැබූ සංවේදී සටහන.

 

නතාෂා පෙරේරා කියන්නේ පුංචි කාලේ ඉඳලාම කළා ක්ෂේත්‍රයට ඇවිත් ජනප්‍රිය වුන කෙනෙක්. නිලියක් නිවේදිකාවක් සහ ගායිකාවක් විදියට නතාෂා අපේ රටේ රසික රසිකාවියන්ගේ ආදරේ දිනාගෙන ඉන්න කෙනෙක්. නතාෂාව ඒ කාලේ නම් හැමෝම හැඳින්වුයේ දඟ මල්ල කියලා, එහෙම ජනප්‍රියත්වයක් ලබාගෙන සිටියත් මෑතකදී නව නිර්මාණ වලින් ඇය දකින්න ලැබුනේ නැහැ. නමුත් නතාශාට ආදරේ කරන ප්‍රේක්ෂකයින්ගේ අඩුවෙක් වෙලානම් නැහැ කියලා ඇය කියනවා.

කලාවට අමතරව වෘත්තියෙන් ඇය නීතිඥවරියක් විදියට කටයුතු කරනවා. රංගනය තුල මෑතකදී දකින්න නොලැබුණු නතාෂා මාධ්‍යට විස්තර කියලා තිබුනේ මෙහෙමයි. කුඩා කාලයේ ඉඳලා කලාවට මන් ගොඩක් ආදරේයි. දඟ මල්ල කියන්නේ මගේ ජිවිතේ වෙනස් කරපු හැරවුම් ලක්ෂය කිව්වොත් හරි. ඒ තුලින් මම ජනප්‍රිය වුනා වගේම ගොඩක් අය මට ආදරේ කරන්න පටන් ගත්තා. එම නිර්මාණයෙන් මට හොඳම ළමා නිලියට හිමි රාජ්ජය සම්මානයත් දිනාගන්න හැකියාව ලැබෙනවා.

පහුගිය වසර දෙක තුනේ ලංකාවෙත් එලියට බැහැලා වැඩක් කරන්න පුලුවන් තත්වයක් තිබුනේ නැහැනේ. කරන්න හිටිය වැඩත් කල් දාන්න සිද්ද වුනා, ටික කාලයක් නිර්මාණ කරන්නේ නැතුව හිටියේ මගේ නිති උපාදිය සම්පුර්ණ කරගන්න ඕන නිසා අධ්‍යාපනයට මුල් තැන දීලා හිටියේ. සැබෑ ජීවිතෙත් මම හරිම සරල සාමාන්‍ය විදියට ජිවත් වෙන්න කැමති කෙනෙක්. විශේෂයෙන් අනිත් අයගේ දේවල් හොයන්නේ නැහැ එහෙම හොයන්න මට වෙලාවකුත් නැහැ. මට හොඳ හදවතක් තියනවා උදව්වක් මිසක් ඉරිසියාවක් කරන්නේ නැහැ.

ළමා කාලයේ ඉඳලා මට ආදරේ කරන පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒකාලේ මතක් වෙද්දී ආයිත් ළමා කාලයට යන්න තිබ්බනම් කියලා හිතෙනවා. මට ආදරේ කරන රසිකයින් නිසා තමයි මන් අද මෙහෙම තැනක ඉන්නේ. සමහර කිහිපදෙනෙක් විවේ චනය කරනවා ඇති. මන් බෞද්ධ කෙනෙක් මගේ ආගම නිවැරදිව අදහනවා. අද මගේ රටට ඇතිවෙලා තියන තවත ගැනසතුටු වෙන්න බැහැ. ඉතින් ඒ විදියට අදහස් දැක්වූ නතාෂා ඇයගේ සෝෂල් මිඩියා ගිණුමේ සටහනක් තියා තිබුනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ කියලා.

إرسال تعليق