
අනුෂා දමයන්ති කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ නර්තන ශිල්පිනියක්.ඒ වගේම රංගන ශිල්පිනියක්. ඇය පුංචි තිරයෙන් එතරම් දැකගන්න බැරි උනත් රිදී තිරයේ නම් බොහෝ විට දකින්න ලැබුණු රංගන ශිල්පිනියක්. ඇය පවසන ආකාරයට නම් ඇය රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා තියෙන්නේ අහම්බෙන්.ඒ වුනත් ඇයට කුඩා කාලයේ සිටම ඕන වුනේ නර්තන ශිල්පිනියක් වීමට කියලයි ඇය නම් පවසන්නේ.ඇය සඳහන් කරන ආකාරයට පුංචි කාලේ ඉඳන්ම අනූශාට ඕනේ වෙලා තියෙන්නේ නටන්න.කොහොම වුනත් මේ දිනවල නම් ඇය සමාජ ජාල තුල නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා.ඒ පවතින රජය පත්කර ගැනීම වෙනුවෙන් ඇයත් බොහෝ වෙහෙස මහන්සි වී වැඩකළ නිසාවෙන්.ඉතින් මෙසේ බොහෝ නළු නිලියන් එම අවස්ථාවේදී රජයට උදව් කලත් දැන් රටේ තත්වය නිසාවෙන් තම ආදරණිය ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ගැනීමට පෙළඹී තිබෙනවා.නමුත් පසුගියදා යූටියුබ් නාලිකාව සම්මුඛ සාකච්චාවකට සහභාගී වී පැවසුවේ මේ විදිහටයි.
“මම පාර්ලිමේන්තුවට යන්න කවදාවත් කැමැති වුණේ නැහැ. දේශපාලනය කියන්නේ මගේ සිනමාව වගේම මම අහම්බෙන් ආපු තැනක්. මම දේශපාලනයට එන්නේ එක්තරා චරිතයක් නිසා මම ඒක කෙලින් කියන්න ඕනේ. අදත් ඒ චරිතෙට මම ගෞරවනීයයි. ඒ මහින්ද රාජපක්ෂ කියන චරිතය.මොකද මේ රටේ තිස් වසරක අඳුරු කාලයක් තිබුණ වෙලාවක මමත් සිනමාවට ඇවිල්ලා අවුරුදු හතරක් පහක් වගේ වෙලාවක ඒ ගැටලුව නිමාකරන්න චරිතයක් නැගී සිටිනවා එතකොට ඒ ප්‍රශ්නය නිසා මිනිස්සු බැට කාලා ඉන්න වෙලාවක ඒක නිමා කරනවා කියන එක හැමෝගෙම සතුට බවට පත්වුණා. ඒ වෙලාවේ මට තේරුන දේශපාලනය ඇතුළෙ මම ඒ පුද්ගලයාට කැමතියි.මම හිතනවා ඒ පෞරුෂත්වය තුළින් මේ රට ගලවා ගනී කියලා අන්න එදා තමයි මම දේශපාලනයට එන්නේ. ඒ වගේම මම දැනගෙන හිටියේ නෑ වේදිකාවක් උඩ මට කතා කරන්න පුළුවන්ද කියලා වත්. මට ඒක අහම්බයක්. ඉතින් ඒ චරිතය වෙනුවෙන් මම නැගී හිටිනවා.”