ෂෙහානි කහඳවල කියන්නේ පුංචි තිරයේ සිටින රුවැත්තියක්. පසුගිය දිනවල ඇය රංගනයෙන් සම්බන්ධ වූ නාට්‍යයක් හිරු රූපවාහිණියෙන් දකින්න ලැබුනා.
ඒ මල් හතයි නාට්‍යය.ඒ වගේම මේ දිනවල හිරු සුපර් හීරෝ වැඩසටහනෙත් නිවේදන කටයුතු කරන්නේද ඇයයි. මේ ඇයගේ නවතම තොරතුරු ගැනයි.

ෂෙහානි මේ දවස්වල කාර්යබහුල වෙලාද..?
මේ දවස්වල හිරු සුපර් හීරෝ වැඩසටහන නිසා කාර්යබහුලයි. හැබැයි ඒ අතරේ නිදහසේ ඉන්නත් කාලයක් ලැබිලා තියෙනවා.
ෂෙහානි වැඩිපුර කැමැති වැඩ කරන්නද..? නිදහසේ ඉන්නද..?
කාලයක් එනවා එක දිගටම වැඩ කරන්න සිද්ධ වෙන. එහෙම වැඩ කරලා වැඩ කරලා එක දවසක් හරි ගෙදර නැවතුණොත් ආයෙත් ෂූටින් යන්න මාර කම්මැළියි. ඒත් මම වැඩ කරන්න වගේම නිදහසේ ඉන්නත් කැමැති කෙනෙක්.
.jpg)
ක්‍ෂේත්‍රයේ අයගෙන් ෂෙහානිට කැපිලි කෙටිලි තියෙනවාද..?
මට මුහුණට ඇවිත් කවුරුත් මුකුත් කියන්නේ නම් නෑ. හැමෝම මට ආදරෙයි. මමත් හැමෝම එක්ක හොඳින් වැඩ කරනවා. හිත් ඇතුළේ මොනවා තියෙනවද කියලා දන්නේ නෑ. මම නම් කාටවත් වැරැද්දක් කරන්නේ නෑ.
රංගන ශිල්පිනියක් තරම්ම ප්‍රසන්ටර් කෙනෙක් විදියට ෂෙහානිට ප්‍රේක්ෂකයන් දිනාගන්න පුළුවන් වුණාද..?
රංගන ශිල්පිනියක් විදියට තමයි මම ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියේ. රංගන ශිල්පිනියක් ලෙස ඉන්න එක තමයි මට ගැළපෙන්නේ. හැබැයි හිරු සුපර් හීරෝ වැඩසටහනේ ඉදිරිපත් කිරීමේ කටයුතුත් ආසාවෙන් කරනවා.

එතකොට නිවේදන භුමිකාව ෂෙහානිට ගැළපෙන්නේ නැති දෙයක්ද..?
එහෙම නෙවෙයි. රංගනය තමයි මට ගොඩක්ම ගැළපෙන්නේ. රියැලිටි වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබීම මගේ ජීවිතයට ලොකු අත්දැකීමක්. මම නිවේදිකාවක් නෙවෙයි. ඒ නිසා ඒ අවස්ථාව මට ලොකු අභියෝගයක් වුණා.
එතකොට ප්‍රසන්ටර් කෙනෙක් විදියට ෂෙහානිට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටු වෙන්න බැරිද..?
මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම වැඩසටහන ලස්සනට ඉදිරිපත් කරනවා කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒ නිසා ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි.
.jpg)
ෂෙහානිට කෙටි කාලයකින් ප්‍රේක්ෂකයන් අතරට යන්න ලොකු අවස්ථාවන් ලැබිලා තියෙනවා. ඒ ගැන සතුටින් ඇත්තේ..?
මට මේ ක්ෂේත්‍රයේ ලැබිච්ච අවස්ථා ගැන ගොඩක් සතුටුයි. රංගන ක්ෂේත්‍රයට එන්න ලැබෙන අවස්ථාව පොඩි නෑ. කොච්චර ලස්සන ගැහැනු ළමයි හිටියත් සමහරුන්ට රංගන ක්ෂේත්‍රයට එන්න අවස්ථාව නෑ. සමහරු රංගන ක්ෂේත්‍රයට එන්න ඇවිත් අමාරුවේ වැටෙනවා. ඒත් මට හොඳ පිරිසක් ලැබුණා වැඩ කරන්න. ඉතිං මට ලැබිච්ච රංගන අවස්ථා ගැන සතුටුයි.

ක්ෂේත්‍රය ගැන පිටින් ඉඳන් දැකපු සුන්දරත්වය ඇත්තටම ඇතුළට ආවමත් දැනෙනවද ෂෙහානි..?
ඒ සුන්දර ලෝකය තියෙනවා. හැබැයි ඒ සුන්දර ලෝකේ ඇතුළේ ජීවත් වෙන්න තමයි අමාරු. මොළේ කල්පනා කරලා ජීවත්වෙන්න ඕන මොන ක්ෂේත්‍රයේ වුණත්.
ෂෙහානිව සිනමාවේ දකින්න නැත්තේ ආරාධනා නැති නිසාද..?
සිනමාවට ආරාධනා ලැබුණේ නැහැ. සිනමාවට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණොත් කැමැත්තෙන් භාර ගන්නවා.
ෂෙහානි ක්ෂේත්‍රයේ අය එක්ක යාළු මිත්‍රකම් තියාගන්නේ අඩුවෙන්ද..?
මම ආශ්‍රය කරන හැමෝම හොඳින් ආශ්‍රය කරනවා. හැබැයි ඒ බැඳීම් තියෙන්නේ ලොකේෂන් එකේදි විතරයි. ඒ බැඳීම් ගෙදර ගෙනියන්නෙ නෑ. එළියට බැහැලා එහෙ මෙහෙ යන යාළුකම් මට නැහැ.
.jpg)
ක්ෂේත්‍රයේ යාළු මිත්‍රකම් පවත්වන්න බයද..?
බයක් නෙවෙයි. මම කොහොමත් එහෙමයි. ඉස්කෝලේ යන කාලෙත් මම එහෙම කෙනෙක්. මට විශේෂම යාළුවෙක්ට කියලා ඉන්නේ ටනාෂා හතරසිංහ. ඒ ඇරෙන්න මම අනෙක් අය සාමාන්‍ය විදියට ආශ්‍රය කරනවා.
දැන් ෂෙහානි පෙම්වතියක්ද..?
මම කලින් පෙම්වතියක්. හැබැයි දැන් මම පෙම්වතියක් නෙවෙයි.
ක්ෂේත්‍රයේ අයගෙන් ආදර යෝජනා එනවත් ඇති..?
මට ආදර යෝජනා එන්නේ නෑ. කවුරුත් මගෙන් අහන්න එන්නෙත් නෑ.
ෂෙහානිගේ හිත ගිය කෙනකුත් නැද්ද තවම..?
එහෙම හිතගිය කෙනෙකුත් නැහැ. ඉස්සරහට බලමුකෝ.