ලිට්‍රෝ සමාගම සිය ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් වැඩිකර තිබේ.
එහි නව මිල වන්නේ රුපියල් 2,750කි.
එසේම කිලෝ 5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද කිලෝ 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද වැඩි කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව, කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,101ක් වන අතර, කිලෝ 2.5 ක සිලින්ඩරයක් රුපියල් 520ක් වේ.
මෙම නව මිල මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව එම සමාගම පැවසීය.
Related Topics For This Article
News and Gossip