බිත්තර තැම්බීමේ සහ බැදීමේ වෙනස් වෙනස් ක්‍රම. [ Different egg cooking styles and recipes ]

ලොකු පොඩි හැමෝම කන්න ආස බිත්තර ගැන තමා අද කතාව. අද බිත්තර වලින් හදන්න පුලුවන් වෙනස්ම රසම කැම ගැන කියන්නයි යන්නෙ ඔන්න. ඔයා විතරක් බලන්නෙ නැත්ව මේ ලිපිය යාළුවන්ටත් බලන්න කරන්නකෝ.

බිත්තර වර්ග

වෙනත් රට වල නම් මේ පහළින් තියෙන වර්ග කිරීම් හතරට අමතරව වර්ග කළ බිත්තර වර්ග තියෙනවමේ ලංකාවේ අපිට ලබාගන්න පුළුවන් බිත්තර වර්ග හතරක්.

  • ෆාම් බිත්තර

මහ පරිමාණ ගොවිපල වල නිපදවෙන බිත්තර ලබාගන්නා කිකිළියන්ට අවශ්‍ය හෝමෝන ලබා දී සංසේචනය නොවූ බිත්තර ලබාගන්නවමේ බිත්තර රැකීමට තිබ්බත් එයින් පැටවුන් බිහිවෙන්නෙ නෑමේ ෆාම් වල ඇති කරන්නේ කිකිළියන් පමණයි.

  • ගම් බිත්තර

සාමාන්‍ය කුඩා පරිමාණයේ ෆාම් වලින් ලබාගන්න බිත්තරනිදැල්ලේ හැදෙන කිකිළියන්ගෙන් ලබාගන්න මේ බිත්තර රැකීමෙන් කුකුළු පැටව් බිහිවෙනව

  • ඕගැනික් බිත්තර

කාබනික ආහාර පමණක් ලබාදෙන කිකිළියන්ගෙන් ලබාගන්න ෆාම් බිත්තර මේ නමින් හඳුන්වනවමේ බිත්තරත් සංසේචනය නොවූ ඒවා.

  • ඕගැනික් වෙජිටේරියන් බිත්තර

කාබනික නිර්මාංෂ ආහාර පමණක් ලබා දෙන මේ කිකිළියන් ඉතාම ආරක්ෂිත සහ විශේෂ ආහාර රටාවක් යටතේ තමා ඇති කරන්නෙමේ බිත්තරත් සංසේචනයකින් තොරව ලබාගන්න බිත්තර වර්ගයක්.

මෙහෙම ලබාගන්න බිත්තර සකස් කරන විදි ගැන ඊලඟට බලමු.

2. ඔම්ලට් (Omelet)

බිත්තරයක් බීට් කරගෙන පෑන් එකක බැදල ගත්තම ඒකට තමා ඔම්ලට් එකක් කියන්නෙඔම්ලට් එකට අපිට එළවළුළූණුචීස්මස් සහ මාළු වගේ නොයෙක් දේවල් එකතු කරන්න පුළුවන්ඔම්ලට් කියන නමින් හඳුන්වන්න නම් බිත්තරය ගෑරප්පුවකින්විස්ක් එකකින් හෝ බීටරයකින් නැත්නම් බ්ලෙන්ඩර් එකකින් හරි බීට් කරනව කියන එක මතක තියාගන්න.

3. බුල්සයි / සනී සයිඩ් අප්(Bullseye / Sunny side up)

බදින හැම බිත්තරේටම සමහරු කියන්නෙ බුල්සයි කියල. බුල්ස් අයි (Bull’s Eye) කියන්නෙ කහමදය නොකැඩෙන විදියට එක පැත්තක් පමණක් බැදගත්ත කහමදය ඒ පැහැයෙන්ම ගන්න බිත්තරයට. කහමදය නොකැඩීමත් කහමදයේ පැහැය වෙනස් නොවීමත් බුල්සයි එකකදි අනිවාර්යයි.

4. ඕවර් ඊසි (Over easy)

කහමදය නොකඩා බිත්තරයේ දෙපැත්තම බදිනවට කියන්නෙ ඕවර් ඊසි කියල. මේ ක්‍රමයේදි බිත්තර අනිත් පැත්ත හැරෙව්වට කහමදය පොඩ්ඩක් කැඩුවම වැක්කෙරෙන ගාණට තමා ගන්නෙ. කහමදය හොඳින් සෙට් වෙන්නම බැදගන්නෙ නෑ.

5. ෆ්‍රයිඩ් එග් (Fried Egg)

බිත්තරය දෙපැත්තම කහමදයත් හොඳින් සෙට් වෙන්නම බැදල ගත්තොත් ඒක ෆ්‍රයිඩ් එග් එකක්ෆ්‍රයිඩ් එග් එකක් කැඩුවම කහමදය සහ සුදුමදය හොඳින් පිසිල තියෙනවමේකෙදි කහමදය කැඩුනට ප්‍රශ්ණයක් නැහැ.

6. ස්ක්‍රැම්බල්ඩ් (Scrambled)

ස්ක්‍රැම්බල් එකකදි සුදුමද කහමද සේරම හැන්දකින් මිශ්‍ර කරන ගමන් පෑන් එකක බැදගන්නවනැත්නම් වෙනම බෝල් එහෙක බිත්තර ටික බීට් කරගෙන පෑන් එකකට දාල හැන්දකින් එහා මෙහා කරන ගමන් බැදගන්නත් පුළුවන්ස්ක්‍රැම්බල් කරන වේගයලිපේ තියන කාලය සහ කැබලි කරගන්න සයිස් එක අනුව ස්ක්‍රැම්බල් එකත් හාඩ් ස්ක්‍රැම්බල්සොෆ්ට් ස්ක්‍රැම්බල් කියල වර්ග දෙකකට හදාගන්න පුළුවන්මේකටත් ඔම්ලට් එකට වගේම ළුුණුඑළවළු සහ චීස් වගේ කැමති දෙයක් එකතු කරන් හදනව.

 

  • හාඩ් ස්ක්‍රැම්බල් එකකදි බිත්තරයේ තෙත ගතිය නැති වී වියළි වෙනතුරුම ලිපේ තියාගන්න ඕන.  වගේම ගොඩක් කුඩාවට ස්ක්‍රැම්බල් කැබලි නොකඩා ලොකු කැබලි කීපයකට පමණයි ස්ක්‍රැම්බල් එක කඩාගන්නෙ.

 

  • සොෆ්ට් ස්ක්‍රැම්බල් එකකදි වැඩි වෙලා ලිපේ තියන්නෙ නෑ

බිත්තරයේ තෙත ගතිය තියෙන්න ඉක්මණින්ම ලිපෙන් ඉවත් කරගන්නවමේකට කිරි ටිකක් එක් කරගන්නත් පුළුවන්ස්ක්‍රැම්බල් එකේ කැබලි තමන් කැමති පරිදි ලොකු කුඩා වශයෙන් සකස ගන්න පුළුවන්

7. පෝච්ඩ් එග්ස් (Poached eggs)

පෝච් කරනව කියන්නෙ බිත්තරයේ කටුව නැතිව තම්බගන්න එකටපෝච් කරන ක්‍රම කීපයක්ම තියෙනවඑක එක්කෙනාට පහසු විදියට පෝච් කරගන්න පුළුවන්එයිනුත් වඩාත් පහසු ක්‍රම දෙකක් තමා මේ

භාජනයකට වතුර අඟල් දෙකක් විතර එකතු කරන් ලොකුවට බුබුළු දාල නටන ප්‍රමාණයට නැතුව සාමාන්‍ය ගාණට වතුර ටික උතුරව ගන්නමේකටම විනාකිරි තේ හැන්දක් විතර එකතු කරගන්නවෙනම පොඩි බෝල් එකකට කහමදය නොකැඩෙන්න පරිස්සමෙන් බිත්තරය කඩල දාගෙන රත් වුන වතුර එකට හැන්දක් දාල මැද පොඩි දිය සුලියක් එන විදියට හැන්දෙන් කලවම් කරන්න එක පැත්තකටමේ සුලිය මැදට බිත්තරය ඉක්මණින් වගේම පරිස්සමෙන් දාගන්නවිනාඩි තුන හතරක් පිසෙන්න ඇරල දැල් හැන්දකින් ප්‍රවේසමෙන් බිත්තරය එළියට ගන්න.

බිත්තරය කඩල තුනී හිල් තියෙන ස්ටේන්ලස් ස්ටීල් පෙරණයකට හෝ හැන්දකට දාගන්නඑහෙම දැම්මම බිත්තරයේ වතුර වගේ ඝණත්වයක් නැති සුදුමදය ඉවත් වෙනවඉතිරි ටික කහමදය නොකැඩෙන්න කලින් වගේම රත් කරගත්ත වතුර එකකට පෙරණය පිටින්ම දාලා විනාඩි තුන හතරකින් එළියට ගන්න.

8. ෆුල් බොයිල්ඩ්හාර්ඩ් බොයිල්ඩ් එග්ස් (Full boiled/ Hard boiled eggs)

විනාඩි 8-9ක් වගේ කාලයක් තම්බගන්න බිත්තරයකට අපි ෆුල් බොයිල්ඩ් බිත්තරයක් කියනවමේ ගාණට බිත්තරය තම්බගත්තම කහමදය වගේ අළු පැහැයෙන් හිටින්නෙ නැතුව රන්වන් කහපාටින්ම ගන්න පුළුවන්විනාඩි 9කට වඩා බිත්තර තැම්බුනාම බිත්තරයකින් අපි බලාපොරොත්තු වෙන පෝශණය ලැබෙන්නෙ නැහැමේ නිසා බිත්තර තම්බන කොට එග් ටයිමර් එකක් නැත්නම් වෙලාව හරියට බලාගෙන බිත්තර ටික ලිපෙන් ඉවත් කරගන්නත් මතක තියාගන්න.

9. සොෆ්ට් බොයිල්ඩ්හාෆ් බොයිල්ඩ් එග්ස් (Soft boiled/ Half boild eggs)

හාෆ් බොයිල්ඩ් එහෙම නැත්නම් සොෆ්ට් බොයිල්ඩ් බිත්තරයක් කියන්නෙ කහමදය පොඩ්ඩක් විතර තෙත ගතිය හිටින්න තම්බගන්න එකටමේ විදියට බිත්තරයක් ඕන නම් විනාඩි 5-6ක් බිත්තරය තම්බ ගත්ත නම් හොඳටම ඇති.

10. තැම්බූ බිත්තර වල කටුව ගලවා ගැනීම

අළුත්ම බිත්තර වල නම් කට්ට ගලව ගන්න එක කොහොම තැම්බුවත් පහසුයිඒත් දැන් දැන් අපි හුරු වෙලා තියෙන ජීවන රටාව එක්ක අළුත්ම බිත්තර හැම වෙලේම ලැබෙන්න නෑබිත්තර තම්බගන්න වතුරට ලුණු ටිකක් එකතු කරගන්නබිත්තරය තැම්බුනාට පස්සෙ උණු වතුරෙන් ඉවත් කරල සීතල වතුරට දාල විනාඩි පහක් දහයක් තියල කටුව ගලවන එකෙන් පහසුවෙන් කට්ට ඉවත් කරගන්න පුළුවන්එහෙම නැත්නම් බිත්තරයේ උල් පැත්තෙන් නැතුව යටි පැත්තෙන් ඇල්පෙනිත්තකින් සිදුරක් විදගෙන තම්බගන්නපහසුවෙන් කටුව ඉවත් කරගන්න පුළුවන්.

إرسال تعليق