කටු අනෝද කෑවොත් වෙන දේ,

වර්තමානයේ වාර්තාවන ඉතා ප්‍රදුමාකාර සොයාගැනීම වන්නේ කටු අනෝදාවල පිළිකා නැසීමේ ගුණය ඒ සදහා භාවිතා කරන රසායනික ඖෂධවලට වඩා 10 000 ගුණයකින් ප්‍රබල වන බවයි. පිළිකා මර්දනයේදී අතුරු ආබාධවලින් තොර නිරෝගී සෛල විනාශ නොකරන වටිනා ඖෂධයක් බව සොයාගෙන ඇත.

කාබෝහයිඩ්‍රේට, පෘක්ටෝස්(fructose), විටමින් C, විටමින් B1 මෙන්ම විටමින් B2 බහුල පලතුරක් වන කටු අනෝදා වල පිළිකා නැසීමේ කාරකය ‘annonacin’ ලෙස හදුනා ගෙන ඇත. මේ පිළිකා නැසීමේ ගුණයට අමතරව ආන්ත්‍රික පණුවන්ට හා ක්ෂුද්‍රජීවී ආසාදන බොහෝමයක් සදහා ප්‍රතිරෝධී ඖෂධයක් ලෙස ද ක්‍රියා කෙරේ. එසේම මානසික ආතතිය හා ස්නායු දුර්වලතාවලට මනා ප්‍රතිකාරකයක් ලෙස සදහන් වේ.

විද්‍යානුකූල අධ්‍යනයන්ට අනුව කටු අනෝදා සාරය:-

• පිළිකා මර්ධනයේදී බර අඩුවීමෙන් හා කෙස් වැටීමේ ආබාධවලින් තොර ඖෂධයක් ලෙසද,

• මාරාන්තික ආසාදන වළක්වමින් ප්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කරන්නක් ලෙසද,

• ශරීර ශක්තිය වර්ධනය කරන ශක්ති ජනකයක් ලෙසද,

• දරු ප්‍රසූතියෙන් ඔසු මවගේ කිරිවල ගුණාත්මය වැඩි කරවන්නක් ලෙසද,

• පාචනය හා උණ වලක්වන ප්‍රතිකාරකයක් ලෙසද,

• අභ්‍යන්තර හා බාහිර පරපෝශිතයින් නැසීමේ ඖෂධයක් ලෙසද,

කටු අනෝදා  සාරය වැදගත් වන බව අනාවරණය වී ඇත.

දැන් බලමු මොනවද මේ වකුගඩු ගල්.:-

වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම්,:- බටහිර වෛද්‍ය විද්‍යාවේ හැටියට වකුගඩු ගල් හඳුන්වන්නේ  urolithiasis යන නමින්. (Kidney stone disease, also known as urolithiasis.) ඒවා වකුගඩු තුළ නිර්මාණය වී පසුව මුත්‍රා මාර්ගය ඔස්‌සේ ශරීරයෙන් පිටතට යනවා. මෙවැනි ගල්වලින් කුඩා ප්‍රමාණයේ ඒවා කිසිදු රෝග ලක්‍ෂණයක්‌ පහළ නොකරම මුත්‍රා සමඟම මුත්‍රා මාර්ගයෙන් පිටව යනවා. එහෙත් වකුගඩු ගලක්‌ 5 mm ට වඩා වැඩි වුණොත් එයින් මුත්‍රා මාර්ගය අවහිරවීම සහ යටිබඩ වේදනා දීම සිදුවෙනවා.

ප්‍රශ්නය - වකුගඩු ගලක්‌ හටගන්නා බව දැනගන්නෙ කොහොමද?

වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - යටි බඩේ වේදනාවක්‌ තිබෙනවා නම් අල්ට්‍රා සවුන්ඩ් ස්‌කෑන් එකක්‌ මගින් පරීක්‍ෂණයක්‌ කර වකුගඩු ගල් තිබෙනවාද යන්න බලාගත හැකියි. නැත්නම් CT ස්‌කෑන් පරීක්‍ෂණයක්‌ මගිනුත් මෙය සොයා ගත හැකියි.

ප්‍රශ්නය - වකුගඩු ගලක්‌ හටගත් විට වේදනා ඇති වන්නේ ශරීරයේ කවර තැන්වලද?

වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම්:- වකුගඩු ගලක්‌, වකුගඩුවෙන් මිදී මුත්‍රා මාර්ගයට අවතීර්ණ වනතුරු වේදනාවක්‌ හටගන්නෙ නැහැ. එසේ වකුගඩු ගලක්‌ මුත්‍රා මාර්ගයට අවතීර්ණවීම සඳහා ටික කලක්‌ ගතවෙනවා. එහෙත් එය මුත්‍රා මාර්ගයට වැටී එම මාර්ගය අවහිර කිරීම පටන් ගත් විට වේදනාව හටගන්නවා. යටිකය, උකුල් ඇට ප්‍රදේශය සහ ඉලඇටවල පහළ කොටස මෙසේ වේදනාවට ලක්‌වෙනවා.

ප්‍රශ්නය - වකුගඩු ගල් හටගැනීමේ ප්‍රතිශතය කෙබඳුද?

වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම්-: බොහෝවිට පිරිමියෙකුට වකුගඩු ගල් හටගන්නේ වයස 30 න් පසුවයි. එහෙත් ඊට පෙරත් වකුගඩු ගල් මතුවිය හැකි අවස්‌ථා තිබෙනවා. අධික රුධිර පීඩනය, දියවැඩියාව, ස්‌ථුලභාවය යන කාරණා නිසාත් වකුගඩු ගල් හටගන්නවා.

ප්‍රශ්නය - නිවිති වැනි අනුභව කළ විට වකුගඩු ගල් හටගන්නා බව කියනවා. එය ඇත්තක්‌ද?

වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් :- ප්‍රධානම කාරණාව ලෙස ජලය අඩුවෙන් පානය කිරීම.   ප්‍රමාණය ඉක්‌මවා නිවිති කන විට වකුගඩු ගල් හටගන්නවා කියන්නේ  නිවිතිවල ඔක්‌සෙලේට්‌ නමැති රසායනික ද්‍රව්‍ය බහුලව තිබීම. අනෙකුත්  හේතු කාරණා ලෙස වකුගඩු වල ව්‍යුහයේ වෙනස්කම්, පවුලේ වෙනත් අයෙකුට මූත්‍රා ගල් තිබීම, බඩවැල් හෝ වකුගඩු ආශ්‍රිතව පවතින වෙනත් රෝගී තත්වයන් හදුනාගන්න පුලුවන්.

ප්‍රශ්නය - මේ සඳහා සුදුසු අත් බෙහෙත් තිබෙනවද? 

වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් :- ප්‍රධානතම අත් බෙහෙතක්‌ ලෙස කටු අනෝදා ගෙඩි ව්‍යාංජනය හඳුන්වා දිය හැකියි. ග්‍රෑම් 500 ක්‌ පමණ බර අමු කටු අනෝදා ගෙඩියක්‌ ගන්න. එය කැබැලිවලට කපා ඇට ඉවත් කරන්න. ඉන්පසු පොල් මිරිකා දිය කිරෙන් තම්බා ලුණු ස්‌වල්පයක්‌ දමා හෝ නොදමා ආහාරයට ගන්න. බත් හෝ වෙනත් ආහාරයක්‌ සමඟ මිශ්‍ර නොකර මෙය පමණක්‌ සතියකට දෙදිනක්‌ එක ආහාර වේලක්‌ ලෙස ගත්තොත් හොඳයි. මෙය මේ විදියට මාස 2 ක්‌ කළ විට වකුගඩු ගල් ඉවත්වී මුත්‍රා මාර්ගයට වැටී මුත්‍රාශය ඔස්‌සේ මුත්‍රා සමඟ ඉවත්ව යනවා.

මේ අතර ඉදුණු කටු අනෝදා බ්ලෙන්ඩරයක දමා ජලය සමඟ මිශ්‍රකර ගසාගෙන බීම සාදා පානය කිරීම වකුගඩු ගල් ඉවත් කිරීම සඳහා ඉතාම යෝග්‍ය මගක්‌. සෙම් රෝග නැත්නම් මෙය හැමදාම වුණත් පානය කළාට වරදක්‌ නැහැ. සෙම් රෝග තිබේ නම් සතියකට 3 වරක්‌ මෙය පානය කරන්න. මෙය වකුගඩු ගල්වලට අත්දුටු ප්‍රතිකාරයක්‌.

ගල් ඇති වීමෙන් වැලකෙන්නේ කෙසේද ?

1. ජලය වැඩි වශයෙන් පානය කිරීම ඉතා වැදගත් . දිනකට පානය කල යුතු ජලය පරිමාව එක් එක් පුද්ගලයා මත, කර්යශීලී බව අනුව, දේශගුනය අනුව වෙනස් වනවා. එබැවින් මූත්‍රාවල පැහැය සුදු පැහැයට හැරෙන ප්‍රමාණයට ජලය පානය කිරීම නිර්දේශ කරන්න පුලුවන්. දෙහි වැනි පානද භාවිතයට සුදුසුය.

2. ඔබගේ බර උසට සරිලන ප්‍රමාණයට අඩු කර ගැනීම.

3. පෙර සදහන් කරන ලද ඔක්සලේට් අධික ආහාර (රාබු ,කැකිරි,නිවිති, පිපිඤ්ඤා,සහ තේ පානය)  සීමාවක් ඇතිව ගැනීම.

4. දිනකට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ලබා ගැනීම. (කැල්සියම් වැඩි වීමත් අඩු වීමත් යන දෙකම අහිතකරයි.)

5. අධික ලෙස මාංශ ගැනීමෙන් වැලකීම.

6. හදුනාගත් රෝග වලට නිසි ලෙස ප්‍රතිකාර ගැනීම.

7. වරක් රෝගය වැලදුනු කෙනෙක් නම් වෛද්‍ය  උපදෙස් අනුව නිසි කලට පූර්ව හදුනාගැනීමේ පරීක්ෂණ වලට ලක් වීම.

8. කෙටි අහාර(Fast foods), ලුණු අධික අහාර වලින් වැලකීම.

9. මධ්‍යසාර භාවිතයෙන් වලකින්න, නැතිනම් භාවිතය අවම කරන්න.

10. එලවලු සහ පලතුරු වැඩි වශයෙන් අහාරයට ගන්න.

إرسال تعليق