
උදාරි කෞශල්‍යා කියලා කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඇය සොදුරු රුවැත්තියක්. ලකාවේ ඉන්න ජනප්‍රියම තලයේ රංගන ශිල්පිනියක් තමයි ඇය. ඇය නිරූපිකාවක්. ඇය රාවනා වැනි ටෙලි නාට්‍යවල ඉතා විශිෂ්ට රංගනයක නිරත වුනා.ඇය නිතරම රංගනයෙන් දැකගන්න නොලැබුනත් ඇයට තියෙන ජනප්‍රියත්වයේ අඩුවක් නම් නැහැ. ඇය සමාජ මධ්‍යයේ ක්‍රියාකාරී චරිතයක්.
සරසවි අධ්‍යාපනයක් ලබා මේ දිනවල ඇය තමාගේම ව්‍යාපාරයක් පවත්වා ගෙන යනවා. ඒ ඇදුම් ව්‍යාපාරයක්. මේ වෙද්දී එය ඉතාමත් ජනප්‍රියයි. පළමු විවාහයෙන් වෙන්වෙලා තනිකඩ ජිවිතයක් ගත කරනවා. නමුත් දැන් ඇය පෙම්වතියක් කියලයි අපට නම් දැනගන්න ලැබුනේ. ඉතින් සුන්දර සැපවත් ආදරණිය ජිවිතයක් ගතකරනවා. ඇයගේ සියලු වැඩ කටයුතු සුබ වේවා කියා අප ප්‍රර්ථනා කරනවා.
