රසටම හදාගන්න පුළුවන් හොට් ඇන්ඩ් කෝල්ඩ් කොෆී ඩ්‍රින්ක්ස් 5කට රෙසිපි.

 1. රෙගියුලර් අයිස්ඩ් කොෆී

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඉන්ස්ටන්ට් කොෆී පව්ඩර් තේ හැඳි 2 (උදා: නෙස්කැෆේ)
  2. සීනි තේ හැඳි 2
  3. කොකෝ පව්ඩර් තේ හැඳි 1
  4. උණු වතුර මේස හැඳි 2
  5. අයිස් කියුබ් 4-5
  6. ශීතක​ළ කිරි කෝප්ප 1
  7. කිරිපිටි මේස හැඳි 1

 

  • මුලින්ම කොෆී පව්ඩර් වලට සීනි,  කොකෝ පව්ඩර් සහ වතුර දාලා කලවම් කරගන්න.
  • දැන් බ්ලෙන්ඩර් එකට අයිස් කැට දාලා ඒකට කිරි ටික එකතු කරලා වෙනම පිටිකිරි හැන්දක් දාගෙන තප්පර 10ක් බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේකට කෝපි මිශ්‍රණය දාගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  • ග්ලාස් එකට දාගෙන කැමති නම් උඩින් චොක්ලට් සිරප් වක්කරගන්න. පිලිගන්වන්න කලින් උඩින් කොකෝ පව්ඩර් ටිකක් ඉහගන්න.

 

2. මසාලා කොෆී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටි කිරි වලින් කිරි කෝප්ප 2
  2. කොෆී පුරවල තේ හැඳි 2
  3. සීනි තේ හැඳි 3
  4. කරාබුනැටි 2-3
  5. ස්ටාස් ​අනීස් 1
  6. එනසාල් ඇට 3
  7. කුරුඳු පොතු කෑල්ලක්

 

  • කෝපි වලට වතුර ටිකක් දාලා ලිපේ තියල තම්බගන්න. මේකට කුළුබඩු ටිකත් එක්කරන්න. 
  • කිරි ටික වෙනම භාජනයකට දාලා ලිපේ තියන්න. රත්වේගෙන එනකොට කෝපි මිශ්‍රණය දාලා හැඳිගාන්න.
  • හොඳට හැඳි ගාලා, ලිපෙන් බාලා පෙරාගෙන සීනි දාගන්න.

 

3. අයිස් ක්‍රීම් කෝල්ඩ් කොෆී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඉන්ස්ටන්ට් කොෆී පව්ඩර් තේ හැඳි 2
  2. සීනි තේ හැඳි 2
  3. උණු වතුර මේස හැඳි 2
  4. අයිස්ක්‍රීම් ස්කූප් 2
  5. ශීතක​ළ කිරි කෝප්ප 1

 

  • කෝපි, සීනි හා වතුර දමා මිශ්‍ර කරන්න. දැන් බ්ලෙන්ඩර් එකට අයිස්ක්‍රීම් දාලා ඒකට කිරි ටික හා කෝපි මිශ්‍රණය දාලා හොඳට බ්ලෙන්ඩ් කරන්න.
  • ග්ලාස් එකකට චොකලට් සිරප් වත් කරල විනාඩි 5ක් ෆ්‍රීස් කරන්න. ඒකට කෝපි මිශ්‍රණ​ය දාගෙන උඩින් චොක්ලට් ටිකක් ග්‍රේට් කරගන්න.

 

4. කැපචිනෝ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඉන්ස්ටන්ට් කොෆී පව්ඩර් මේස හැඳි 2
  2. සීනි මේස හැඳි 4
  3. කිරි කෝප්ප 2

 

  • කෝප්පයක් අරගෙන කෝපි ටික දාගන්න. දැන් මේකට සීනි ටිකත් එකතු කරන්න. ඒ දෙක හොඳට කලවම් කරලා කිරි වලින් ටිකක් දාගෙන උකුවට හොඳට කලවම් කරගන්න.
  • මේක විනාඩි 10ක්වත් හොඳට ක්‍රීමි වෙනකල් බීට් කරගන්න ඕනෙ. 
  • දැන් මේක වෙනම මග් එකට දාලා යන්තම් උණුකරගත් ඉතුරු කිරි ටික වෙනම බීට් කරගන්න.
  • බීට් කරගත්ත කිරි ස​හ කෝපි මග් එකට කලවම් කරන් හැන්ඳෙන් හොඳට ගසමින් කළවම් ක​ර උඩින් කොකෝ පව්ඩර් ටිකක් ඉහගන්න.

 

5. ඔරියෝ කෝල්ඩ් කොෆී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අයිස්කැට 4-5
  2. ශීතක​ළ කිරි කෝප්ප 1
  3. ඉන්ස්ටන්ට් කොෆී තේ හැඳි 2
  4. සීනි තේ හැඳි 2
  5. උණුවතුර මේස හැඳි 2
  6. කෑලි කැඩූ ඔරියෝ බිස්කට් 4ක්
  7. කුඩු කරගත් ඔරියෝ බිස්කට් 2ක් (උඩින් ඉහින්න)

 

  • කෝපි, සීනි, උණුවතුර එකට මිශ්‍ර කරගන්න.
  • කෝපි මිශ්‍රණය, අයිස් කැට සහ කිරි එක්ක කෑලි කැඩූ ඔරියෝ දමා හොඳට බ්ලෙන්ඩ් කර ග්ලාස් එකට වක්කරන්න.
  • අන්තිමට උඩින් කුඩු කරගත් ඔරියෝ දාගන්න.

Post a Comment