මේ වෙද්දී ලංකාව ඉතා ජනප්‍රිය ටෙලි කතාවක් තමයි පොදු කියලා කියන්නේ. ඉතින් අද වෙද්දී ගොඩක් දෙනෙක් නරබන ටෙලි කතාවක් වන මේ කතාව කෞෂි චරිතය ඉතින් හැමෝම හඳුන්වා. මේ චරිතයට සිය රංගන දායකත්වය දක්වන යොවුන් රංගන ශිල්පිනිය තමයි මනෝජා කියන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඇයත් සමගයි. ඇය ජිවත් වෙන්නේ මහරගම ප්‍රදේශයේ. ඇය කුඩා කාලයේදී හින දැකල තියෙන්නේ වෛද්‍යවරියක් වෙන්න කියලා. කොහොම නමුත් පුංචි කාලේ ඉදලම ගොඩක් කලවට ඇලුම් කල චරිතයක් හැටියටත් අපි ඇය හඳුනාගන්නවා. ඉතින් අපි කලාවට සම්බන්ද වූ ආකාරය ගැන විමසීමක් කළා. ඇය ඒ පිළිබඳව අපිත් එක්ක කිවේ මෙන්න මේ වගේ කතාවක්.
මම පුංචි කාලේ ඉදලම නර්තනය හැදෑරුවා. හැබැයි මට සර්ලා කිව රන්ගයට යොමුවෙන්න කියලා හැබැයි මම ඒ පිළිබඳව නම් ලොකු කැමැත්තක් තිබුනේ නැහැ. නර්ථනය රංගනය දෙකම කරන්න පටන් ගද්දි 2015 මට නාට්‍ය තරඟාවලියකින් හොදම නිළිය සම්මානය ලැබුනා. එතනින් පස්සේ දිගටම මම රංගනය යොමු වුනා. ඉතින් ගොඩක් දෙනෙකු ඇය හඳුනාගන්නේ කෞෂි කියන චරිතය හරහා තමයි. මගේ ජිවිතේට සමිප චරිතයක්. මටත් කෞෂිට වගේ කාලයක් ගෙවුනා. ඒ නිසාම මට රන්දික අයියා පවා මගේ අයියා වගේම දැනුනා.
කාලයත් එක්ක යම් යම් දේවල් තේරුම් අරගෙන ඉන්නේ. ඉස්සර මම ගොඩක් දඟයි.කොච්චර දඟයිද කියනවනම් මට අමතක නොවෙන සිද්ධියක් තියෙනවා ඒ තමා අම්මා එපා කියද්දි දවසක් මම සයිකල් පැද්දා. කොහොමහරි එක පාරටම ලිස්සලා ගිහින් කකුලත් තුවාල වුනා. කොහොමහරි මට ඇවිදින්න බැරි වුනා මාව උස්සගෙන තමයි එක්ක ගියේ. බයිසිකල් පැදලා තුවාල වෙචච කැළැල් අදටත් මගේ කකුලේ තියෙනවා. මගේ OL කාලේ තමයි මගේ ප්‍රථම ප්‍රේමය පටන්ගත්තේ. හැබැයි කාලයත් එකක් අපි තේරුම අරන් ඒකත් නැති වෙලා යනවා. ඉතින් මම දැනට මුල් තැන දෙන්නේ මගේ වැඩ වලට.

