”අවුරුදු 16ක ආදරේ අහිමි වුණාට අද මගේ ජිවිතේ ගොඩක් දේවල් මට ලැබිලා” – මලිත් පෙරේරා

මලිත්ට ගහද්දි ඇයි චංචලා ඇඩුවේ සිද්ධිය කිවුව ගමන් හැමෝටම මතක් වෙන ගීතයක් තමයි ‘මතක මන්දිර’ කියන්නේ. ‘මතක මන්දිර’ ගීතය හරහා බොහෝ දෙනෙකුගේ හදවත් වසඟ කරගත් රියලිටි වේදිකාවෙන් බිහි වුනු තවත් තරුවක් තමයි මලිත් පෙරේරා. ඒ අනුව සිරස සුපර්ස්ටාර් හරහා ජනතාව අතරට එන ඔහු මේ වන විට නම් ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින්නේ. ඉතින් අපි මලිත් සමඟ ආදරෙ ගැන කතා කරපු මොහොතේ ඔහු අපට දුන්නේ පිළිතුරු අතර ආදරේ ගැන, ජීවිතේ ගැන ඔහු සම්මුඛ වූ තොරතුරු තමයි මේ.

මේ දිනවල තරුණියන් අතරේ වඩාත් ජනප්‍රිය මලිත්ගේ පළවෙනි ආදරය ගැන කතා කලොත්?

“මට පළවෙනි ආදරේ ඇති වෙන්නේ අවුරුදු හයේදි. ඒ ඉදලා අවුරුදු 10ක් යනතුරුම මම ඒ ආදරේ හිතේ තියන් අවුරුදු 16දී ඒ ආදරේ එයාට ප්‍රකාශ කරනවා. හැබැයි එයා මගේ ආදරේ ප්‍රතික්ෂේප කරනවා…. එදා ඉදන් මම සමහර මතක එක්ක ජිවත් වුනා. එහෙම ටික කාලයක් යද්දි එයා මට ආදරේ කරනවා. හැබැයි ඒ වෙද්දි මම පෙම්වතෙක්. අකමැති වුනත් එදා මට එයාව ප්‍රතික්ෂේප කරන්න වෙනවා.”

මලිත් ලංකාවෙන් යන්න හේතුවත් කෙල්ලෙක්මද?

“ජිවිතේ සමහර දේවල් තියෙනවා අපිට නොලැබෙන්නේ අපේ වාසනාවට. මොකද එදා ඒ ආදරේ අහිමි වුන නිසා අද මගේ ජිවිතේ ගොඩක් දේවල් මට ලැබිලා තියෙනවා. ඒ නිසා මම අද සතුටින්. ඉතින් හැමදේම වෙන්නේ හොඳට කියලා හිත හදාගෙන තමන්ගේ ගමන යන එක තමයි හොඳ”

May be an image of 3 people and people smiling

ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන මලිත් මේ වෙද්දි ආදරය කරනවා?

“ඔව් මේ වෙද්දි මම මගේ තුන්වෙනි ප්‍රේමය විදිනවා. එයා ඕස්ට්‍රේලියාවේ කෙනෙක්. මම හිතන්නේ ජනප්‍රිය මලිත්ට වඩා එයා ආදරේ මගේ හදවතේ ඉන්න මලිත්ට. ඉතින් අපි අපිව තේරුම් අරගෙන ජිවත් වෙනවා… ගොඩක් සුන්දර ජීවිතයක් ගත කරනවා..” කියලයි ඔහු සඳහන් කරන්නේ.

May be an image of 1 person, standing and footwear
May be an image of 1 person, beard, standing and indoorMay be an image of 3 people, wrist watch, suit and indoorMay be an image of 1 person, playing a musical instrument, standing, food and guitarMay be an image of 7 peopleMay be an image of 3 people and people smilingMay be an image of 6 people, people standing, sunglasses and outdoors

Post a Comment