Facebook නම වෙනස් වෙයි..?


සිය සමාගම් නාමය "මෙටා" ලෙස වෙනස්කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබේ.

ෆේස්බුක් සමාගම විවිධාංගීකරණ කිරීමේ සැලැස්ම යටතේ ඔවුන් මෙසේ සිය සමාගම් නාමය වෙනස්කර ඇත.

ෆේස්බුක් සමාගමේ පළමු හා දැවැන්තම යෙදවුම වන ෆේස්බුක් යෙදවුම ආශ්‍රයෙන් මෙතෙක් එම සමාගම වෙත ලබාදී තිබූ ලාංඡනයද මෙහිදී වෙනස් කෙරෙනු ඇති.

කෙසේ වෙතත් නව නාමකරණය යටතේ එහි ප්‍රධාන සන්නාම වන ෆේස්බුක්, වට්ස්ඇප්, මැසේන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් වැනි යෙදවුම් නාමවලට බලපෑමක් එල්ල නොවේ.

කැලිෆෝනියාවේ මෙන්ලෝ පාක් හි ෆේස්බුක් මූලස්ථානයේ පැවති සමුළුවට වීඩායෝ තාක්ෂණයෙන් එක්වෙමින් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පැවසුවේ සමාගමේ නව නාමය මඟින් එහි අනාගත සැලසුම් නිරූපණය වන බවය.

එමෙන්ම සමාජ මාධ්‍ය ජාලයක් පමණක් ලෙස මෙතෙක් සිය සමාගම ලබාගත් කීර්තිය, නව නාමකරණය යටතේ ඉදිරියේදී වෙනත් මානයන් කරා යොමුවන බවද ඔහු එහිදී සඳහන් කර තිබුණි.

සමාගමේ නව කොටස් දෙසැම්බර් 1 වන දින සිට වෙළෙඳාම ආරම්භ කිරීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.

Post a Comment