අනිත් කෙනාගේ සතුට දැකලා සතුටු වෙන්න පුළුවන් නම් ඒ තමයි ආදරේ, උමාලි තිලකරත්න. [ Umali Thilakarathna ]

උමාලි නම කිවත් හඳුනනා චරිතයක් තමයි මේ. රංගන ක්ෂේත්‍රය තුල ඉහලින්ම ඉන්න චරිත අතරේ හැමෝම වගේ හඳුනනා හැමෝගෙම ආදරේ ලබන චරිතයක් තමයි මේ. පුංචි කාලේ ඉදලම ගොඩක් ලොකු ආසාවකින් ඉදල තියෙන්නේ මනෝ විද්‍යා වෛද්‍යවරියක් වෙන්න. හැබැයි ඉතින් ඔන්න අද වෙද්දී ඇය කලාවෙන් ලෝකයම ජයගත් චරිතයක් හැටියට තමයි හඳුනාගන්නේ. මේ අතර ඇය එක් අවස්ථාවකදී කියල තිබුනේ ඉන්දියාවට පවා ⁣යමින් තමන් මනෝවෛද්‍ය විද්‍යාව හැදැරුවත් කලා කටයුතු සමඟම ඒ කටයුතු මඟ හැරුන බවයි. ඇත්තෙන්ම ඇය සම්මාන රැසක් හිමිකර ගත් චරිතයක් ලෙසින් හදුන්වන්න පුලුවනි.

මේ කොහොම නමුත් ගොඩක් දෙනෙක් නම් උමාලි ගැන කතා වෙන්නේ ආදරයෙන් පරාජය වූ කෙනෙක් හැටියටයි. ඊට හේතුව වෙන්නේ වසර කිහිපයකට පෙර විවාහයෙන් වෙන්වීමයි. ඇය ජිවිතේ ගැන කියන්නේ වෙනස්ම කතාවක්. මම දකින්නේ ජිවිතේ සුන්දරම කාලය මේ මොහොත ලෙසටයි. මොකද ගෙවුන කාලය අපෙන් ගෙවිලා ඉවරයි. ඒක අතිතයට අයිති දෙයක්. මම මේ මොහොත මේ කාලය විදිනවා. අනික මම ආදරයෙන් පරාජිත නෑ. මොකද ආදරය කියන වචනය ඇතුලේ ජය පරාජය කියන වචන නෑ. අනිත් කෙනාගේ සතුට දැකලා සතුටු වෙන්න පුළුවන්නම් සැබවින්ම එතනයි ආදරය. අපිට ආදරය අයිති වෙන්න ඕනිමයි කියලා කොතනකවත් නෑ. ආදරය කියන්නේ ලබා ගැනිමම නෙවෙයි. අහිමි වුනත් සතුටක් දකින්න පුළුවන් එකට. මාව දාලා ගියපු කෙනෙක් මගේ ජිවිතේ හමු වුනත් මට හිනා වෙලා කතා කරන්න තරම් හැකියාවක් තියෙනවා.









ඒ වගේම තමයි කිසිම දිනයක මගේ හිතේ වෛරයක් නැහැ. පලිගැනීමක් කියල දෙයක් නැහැ. ඒ නිසා මගේ හිතට අහිමිවීම් ගැන නම් කිසිම දැනීමක් නැහැ. මගේ ජිවිතේ මම ආදරේට ඉඩක් වෙන් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් මම මගේ ජීවිතේට වැඩියෙන්ම දෙයක් කියන්නේ මම මගේ ජීවිතේට ආදරෙයි. මොකද තමන් මුලින් තමන්⁣ට ආදරේ කරන එක. ජිවිතේ මේ මොහොත ගැන හිතල ජිවිතේ විදින්න ඕනේ. මම නම් හිතන්නේ ජීවිතේට හොද තෙරුම්ගනිමක් අවශ්‍යයි.

Post a Comment