රැකියාවක් කරන/සොයන ඔයාට LinkedIn ගිණුමක වැදගත්කම.


1. Convenience for job providers. 

සාපේක්ෂව අඩු පිරිසක් උනත් මේ වෙබ් අඩවියත් එක්ක මේ වෙද්දී මිලියන 760ක් තරම් පිරිසක් එකතුවෙලා ඉන්නවනේ. ඉතින් ඒ ඔක්කොමලාම වගේ වෘත්තීමය පිරිස. එතනිනුත් බොහෝ අය රැකියා වලට බඳවාගන්නන්, ඒ කිව්වේ ආයතන හෝ කළමනාකාරවරුන්. ඉස්සර පත්තර වල ඇඩ් දාලා, ඉන්ටර්වීව් ගණන් තියලා සේවකයින් බඳවා ගත්තට දැන් අලුත්ම ක්‍රමයක් තමයි මේ LinkedIn ගිණුම් පරික්ෂා කරලා, ඒ හරහා තොරතුරු පරික්ෂා කරලා පිරිස බඳවා ගන්න එක. ඔබේ සියළුම වෘත්තීමය තොරතුරු එක්ක රැකියාවක් සොයන බව මේ ගිණුමේ සඳහන් කළාම ආයතන වලින්ම හොයාගෙන ඇවිල්ලා හොයලා බලලා ඔබට සම්මුඛ පරීක්ෂණ වලට කතා කරනවා. රස්තියාදු වෙන්න ඕනම නැති තරම්.

2. More advantage in the interview.


ඉතින් ඒ විදිහට හරි එහෙමත් නැත්තම් සාමාන්‍ය පරණ ක්‍රමයට හරි අයදුම් කරන ඕනම රැකියාවකදී හොඳ LinkedIn ගිණුමක් පැවතීම අමතර වාසියක් වෙනවා අනිවාර්යයෙන්ම. මොකද ඒ ගිණුම හරහා ඔබේ සියළුම බඳවා ගැනීමට අවශ්‍ය තොරතුරු ඒ අයට ලබාගන්න පුළුවන් නිසා මුල ඉඳලම දෙගොල්ලන්ටම පහසුයි වගේම හොඳ first impression එකක් ඇතිවෙනවා අයදුම්කරු ගැනත්. සාමාන්‍ය ක්‍රමයට ඉදිරිපත් කරන CV එකක් රැකියා යෝජකයින් පරීක්ෂා කරනකොටත් ඒකෙ LinkedIn ගිණුමක විස්තර සඳහන් කරලා තිබීම විශේෂ වාසියක් හුඟක් වෙලාවට. සම්මුඛ පරීක්ෂණයට එන්න කලින්ම ඔබ ගැන හොඳ අවබෝධයක් ඔවුන්ට ලබාගන්න පුළුවන් මේ ගිණුම පරික්ෂා කරලා.

3. To showcase your professional knowledge and attitude.

ෆේස්බුක් එකේ අපි එදිනෙදා ලියන්නෙ, ෂෙයාර් කරන්නෙ ඉතින් වැඩි හරියක් වල්පල්නේ. හැබැයි LinkedIn එකේනම් එහෙම නැහැ. රැකියා ගැන, රැකියා වෙළඳපළ ගැන, එදිනෙදා රැකියා ජීවිතය ගැන වගේ ඕනෑම දෙයක් ඔබට ලියන්න, කියවන්න, ෂෙයාර් කරන්න පුළුවන්. අනිත් අය ලියන දේවල් කියවලා ඒ ගැන කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් ඔබේ ගිණුම පරික්ෂා කරන කෙනෙකුට රැකියා ජීවිතය ගැන ඔබ දරන ආකල්ප ගැන එහෙම හරිම ලේසියෙන් අදහසක් ලබාගන්න පුළුවන්. දැන් බඳවා ගැනීම් වලදී සුදුසුකම් වලට වගේම ආකල්ප වලටත් මුල්තැනක් දෙන නිසා මේකත් ලොකු වාසියක්.

4. Recommendations from others.

මේ LinkedIn වෙබ් අඩවියේ තියෙනවා ඔප්ෂන් එක්ක අනෙක් අයට ඔබ ගැන recommendations ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නෙ කලින් ආයතන වල එකට වැඩ කරපු, එකට ඉගෙන ගත්ත හෝ වෙන මොනයම්ම විදිහකට හරි ඔයාගේ වෘත්තීමය කටයුතු ගැන අදහසක් තියෙන කෙනෙකුට skills recommendations ලබාදෙන්න පුළුවන්. Microsoft Excel, Word, Team Managemet, Customer Service වගේ ඕනම skill එකක් ගැන recommendations දෙන්න පුළුවන්. මේක හරියට reference check කරනව වගේ. හැබැයි ඒ පහසුකම online ම තියෙන නිසා දෙගොල්ලන්ටම ලේසියි.

5. As a Online CV.

මේ ගිණුමේ ඔයාගේ අධ්‍යාපන, වෘත්තීය සුදුසුකම්, වෘත්තීය ඉතිහාසය වගේම රැකියා අපේක්ෂාවන් වගේ හැම කාරණයක්ම ඇතුලත් කරන්න පුළුවන්. ඉතින් මේක හරියට online CV එකක් වගේ. වෙන වෙනම CV හදන, යවන කරදරේ අඩුයි මෙහෙම ගිණුමක් පිළිවෙලට පවත්වාගෙන යනකොට. තවමත් පරණ විදිහට CV ඉල්ලන ආයතනනම් හුඟක් තියෙනවා තමයි. හැබැයි ඉස්සරහට හැදෙන trend එකත් එක්ක මේ හැමදෙයක්ම මේ ගිණුමෙන්ම කෙරෙන්න තියෙන චාන්ස් එක වැඩියි. 

6. Training Programs. 

මේ LinkedIn හරහා හුඟක් දැනුම ලබාගන්න පුළුවන්. අනික් අය ලියන ලිපි කියවලා, සාකච්ඡා වලට සහභාගී වෙලා වගේම නිතර ක්‍රියාත්මක වෙන වැඩමුළු, දේශනා වලට එහෙමත් online ක්‍රමයට සහභාගී වෙන්න පුළුවන්. මේ දේශන, වැඩමුළු ගෙවීම් කරන ඒවා වගේම ගෙවීම් වලින් නිදහස් ඒවත් මේ වෙබ් අඩවියෙන් හොයාගන්න පුළුවන්. LinkedIn වෙබ් අඩවිය එක්කම සම්බන්ධ වෙලා ඉන්න විවිධ ක්ෂේත්‍ර වල ඉහළ තනතුරු දරන වෘත්තිකයින්ම තමයි මේ වැඩසටහන් මෙහෙයවන්නෙත්. ඒ අයගේ දැනුම පහසුවෙන් ලබාගන්න පුළුවන් කියලා කියන්නෙම කොයි තරම්නම් දෙයක්ද. 

7. පර්යේෂණ මෙවලමක් විදිහට

අද කාලෙ හුඟක් දෙනෙක් මේ LinkedIn වෙබ් අඩවිය පර්යේෂණ මෙවලමක් විදිහටත් භාවිතා කරනවා, ඒ කිව්වේ මේ වෙබ් අඩවිය හරහා විවිධ පර්යේෂණ නිබන්ධන වලට අවශ්‍ය කරනු එක්රැස් කරන්න, පිරිස එක්ක සාකච්ඡා කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. හැමෝම වගේ වෘත්තීමය පිරිසක් නිසා දත්ත හරිම අනුකුලයි වගේම සාකච්ඡා කරන එකත් හරිම ලේසියි. හැමෝම මේ වගේ වැඩ වලට දක්වන උනන්දුව ඉහළයි. 

Post a Comment