Online සල්ලි හම්බකරන එක අද කාලෙ කා අතරත් ජනප්‍රිය වෙලානෙ තියෙන්නෙ. ඔන්න ඉතින් අද කියන්නෙ තමන් දන්න වඩ වලින් Online සල්ලි හම්බ කරන්න විශවාසවන්ත වෙබ් අඩවි කිහිපයක් ගැන සමහර ඒවනම් ඔයා දැනටමත් දන්නව ඇති.
1. Fiverr

2. Upwork

මේ තියෙන්නෙ online work කියන category එකේ ඊළඟට වැඩියම ප්‍රසිද්ධ වෙබ් අඩවිය. Upwork කියන්නෙත් fiverr වගේම දෙගොල්ලක් මුණගස්වන වෙබ් අඩවියක්. හැබැයි fiverr වගේ gig ක්‍රමයක් නෙමෙයි මෙතනදී ක්‍රියාත්මක වෙන්නෙ. වැඩක් හොයන කෙනෙකුට කෙලින්ම අයදුම් කරලා ඒ කියන්නෙ හොඳ proposal එකක් ඉදිරිපත් කරලා ඒ රැකියාව ලබාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. මේ වෙබ් අඩවිය ඇමරිකානු වෙබ් අඩවියක්. Elance සහ oDesk කියන පරණ වෙබ් අඩවි දෙකක් එකතු කරල අලුත් නමකින් Upwork විදිහට 2015 දි තමයි මේ වෙබ් අඩවිය නිකුත් කෙරෙන්නෙ.
3. Freelancer

Freelancer කියන්නෙත් අතිශය ප්‍රසිද්ධ ඔන්ලයින් වැඩ කරන්න පුළුවන් වෙබ් අඩවියක්. කලින් කියපු වෙබ් අඩවි දෙකටම වඩා සෑහෙන්න පහසු ක්‍රමවේදයක් මේ වෙබ් අඩවියේ තියෙනව කිව්වොත් හරි. කලින් වගේම දෙගොල්ලො මුණගස්සන ක්‍රමයක් උනත් පහසුවෙන් bid එකක් ඒ කියන්නෙ ලන්සුවක් තියල තමන්ට වැඩ ලබාගන්න පුළුවන් ක්‍රමයක් මේ වෙබ් අඩවිය අනුගමනය කරනවා. මේක ඕස්ට්‍රේලියානු වෙබ් අඩවියක්. ආරම්භ කරල තියෙන්නෙ 2009 වර්ෂයේදී.
4. Guru

Guru.com කියන්නේ කැලිෆෝර්නියාවේ සැන් ෆ්රැන්සිස්කෝ වලදී 1999 ආරම්භ කරපු වෙබ් අඩවියක්. මේක කලින් කියපු අනික් වෙබ් අඩවි වලට වඩා ටිකක් පරණ වෙබ් අඩවියක්. කලින් කියපු freelancer.com කියන වෙබ් අඩවිය වගේම පහසු ක්‍රමවේදයක් තමයි මේ guru වෙබ් අඩවියත් අනුගමනය කරන්නෙ. ප්‍රසිද්ධිය අතින් ගත්තොත් කලින් කියපු වෙබ් අඩවි තුන තරම්ම ප්‍රසිද්ධ නොවුනත් වැඩ වලනම් කිසිම අඩුවක් නැහැ මේ වෙබ් අඩවිය එක්ක සම්බන්ධ වුණත්.
5. PeoplePerHour

මේ PeoplePerHour කියන වෙබ් අඩවිය එක්සත් රාජධානියේ 2007 වර්ෂයේදී ආරම්භ කරපු වෙබ් අඩවියක්. ලෝකයේ ඒ තරම්ම ප්‍රසිද්ධ නොවුනත් එක්සත් රාජධානිය ඇතුළෙනම් මේ freelance එහෙමත් නැත්තම් online වැඩ වලට තියෙන number 1 වෙබ් අඩවිය තමයි මේක. හැබැයි ලෝකෙ ඕනම රටක කෙනෙකුට සම්බන්ධ වෙලා වැඩ කරන්න වගේම වැඩ කරවා ගන්නත් පුළුවන් කලින් කියපු විදිහේම වෙබ් අඩවියක්. කලින් කියපු වෙබ් අඩවි වල තියෙන අධික තරඟය ගැන හිතන කෙනෙකුට මේ වැඩිය ප්‍රසිද්ධ නැති වෙබ් අඩවි එක්ක සම්බන්ධ වෙලා වැඩ අරගන්න උත්සාහ කරන්න පුළුවන්.
6. FlexJobs

FlexJobs කියන්නෙ 2007 වර්ෂයේදී ආරම්භ කරපු වෙබ් අඩවියක්. කලින් වෙබ් අඩවි වල කියපු ඔන්ලයින් වර්ක් ඒ කියන්නෙ අන්තර්ජාලය හරහා දෙගොල්ලක් මුණගැහිල වැඩක් කරවගන්න එකට අමතරව විවිධ ඉතිරි කිරීම්, ආයෝජන, වීඩියෝ පාඨමාලා වගේ දේවලුත් මේ වෙබ් අඩවිය හරහා ඒකෙ සාමාජිකයින්ට ලබා දෙනවා. ඒ නිසා කලින් කිව්ව වෙබ් අඩවි වලට වඩා ටිකක් වෙනස් විදිහක වැඩක් කරන වෙබ් අඩවියක් විදිහට මේ වෙබ් අඩවිය හඳුන්වන්න පුළුවන්. මේකත් ඔන්ලයින් වැඩ හොයනවනම් ගිහින් බලන්නම ඕන වෙබ් අඩවියක්.
7. WriterAccess

WriterAccess කියන්නෙත් ඔන්ලයින් freelancing web site එකක්. හැබැයි කලින් කියපු ඔක්කොම වෙබ් සයිට් වලට වඩා වෙනස්, writers ලට අවශ්‍ය ජොබ් විතරක් කෙරෙන වෙබ් අඩවියක්. කෙරෙන්නෙ ලියන වැඩ විතරක් උනාට ඒ දේවල් කරන අයට ගිහින් සම්බන්ධ වෙන්න පුළුවන් හොඳම වෙබ් අඩවියක් තමයි මේකත්. මොකද අනික් වෙබ් අඩවි ලොකු පරාසයකට අවධානය යොමු කරද්දී මේ වෙබ් අඩවිය එක වැඩකට විතරක් ලොකු අවධානයක් දෙන නිසා ඒ සම්බන්ධ හුඟාක් වැඩ මේ වෙබ් අඩවියෙන් හොයාගන්න පුළුවන්.