01. සෝදා ගත් ඇඳුම් ඉක්මනින් වේලාගන්න.
02. සපත්තු වතුර නොඅල්ලන පරිදි සකස් කර ගැනීම.
ඔබගේ සපත්තු වතුර නොඅල්ලන ආකාරයට සකස් කර ගැනීම සඳහා මී වද වල ඇති ඉටි භාවිතා කරන්න. ඔබේ සපත්තුව පුරාවට මී ඉටි අතුල්ලන්න. ඉන් පසු ඔබේ ඩ්‍රයර් එක අල්ලා හොඳින් වේලා ගන්න.
03. රෝස අතු මගින් නිරෝගී ලෙස රෝස වගාව සිදුකිරීම.
ඔබ රෝස අතු මගින් රෝස ගස් පැළ කර ගැනීමේදී, ඔබ කපා ගත් රෝස අත්තේ යට අග්‍රය කුඩා අර්තාපල් ගෙඩි වල සිටවන්න. එවිට අර්තාපල් වල ඇති තෙතමනය හා පෝෂණ කොටස් මගින් රෝස අතු වලට ඉතා හොඳ පෝෂණයක් ලබා දී සාරවත් රෝස ගසක් බිහිකරනවා.
04. සපත්තු වල ඇතිවන දුර්ඝන්ධයට විසඳුමක්.
ඔබේ සපත්තු වලින් දුගඳ හමනවානම් වේලුණු තේ බෑග් කිහිපයක් සපත්තුව ඇතුලට දමන්න. එමගින් සපත්තුවේ ඇති දුගද තේ බෑග් වලට උරා ගන්නවා, ඔබේ දුගඳ හමන සපත්තු තෙත බරිත නම් සහල් සහ බේකිං සෝඩා මිශ්‍රණයක් සපත්තු තුළට දමා දින කිහිපයක් තබන්න.
05. තද සපත්තු වලට විසඳුමක්.
ඔබ අළුතින් මිල දී ගත් සපත්තු ගොඩාක් තදයි නම් ඒවා ලොකු කර ගැනීම සඳහා මෙන්න කදිම විසඳුමක්. හොඳින් තෙත් කරගත් පත්තර කඩදාසි සපත්තු හොදින් පිරෙන තුරු පුරවාගන්න. ඉන් පසු වේලීමට තබන්න. කඩදාසි හොඳින් වේලුණු පසු ඒවා ඉවත් කරගන්න.
06. පහසුවෙන් ගින්නක් අවුළුවා ගැනීමට.
විනෝද ගමනක් ගියාම ගිනි මැලයක් එහෙම අවුළුවා ගන්න අපි හරි කැමති දෙයක්. ඒත් සමහර වෙලාවට ගිනිමැල අවුළුවන එක හරිම අපහසු කාර්යයක්. ඒකට සරල විසඳුමක් තියෙනවා. ගිනි මැලය අවුළුවා ගැනීමට පොටෑටෝ චිප්ස් හරි වෙනත් මොනව හරි චිප්ස් වර්ගයක් මුලින් දල්වා ගෙන එමගින් ගිනි මැළය පහසුවෙන් අවුළා ගන්න. මේ චිප්ස් වල ඇති තෙල්, ඛණිජ හා අනෙකුත් රසායනික දේවල් නිසා පහසුවෙන් ඒවා පත්තුවෙනවා.
07. නැති වූ කුඩා උපකරණ පහසුවෙන් සොයා ගැනීමට.
ඔබේ නැති වූ කරාඹු වැනි කුඩා කුඩා දේවල් සොයා ගැනීමට වැකියුම් එකක අග ස්ටොකින් එකකින් වසා එය ක්‍රියාත්මක කරන්න. ඉන් පසු ඇඳවල්, මේස ආදී තැන් වල ඇතුලත වැකියුම් කරන්න. වරින් වර ඔබේ නැති වූ දේ එහි පැටලී තිබේදැයි පරීක්ෂා කරන්න.
08. නිරන්තරයෙන් වතුර බොන එක අමතක නොවෙන්න.
ඔබේ වතුර බෝතලයේ පැත්තක මාකර් පෑනකින් වතුර බොන වෙලාව සටහන් කරන්න. මේකෙන් ඔබට දවස තුළ ඔබේ ශරීරයට අවශ්‍ය කරන ජලය නිසි ලෙස ලබා ගත්තාද යන්න දැනගත හැකියි. ඒ වගේම මෙයින් ඔබට වතුර බීමට වැඩි උනන්දුවක්ද ද ඇති වෙනවා. මේ ආකාරයට ලකුණු කරන ලද බෝතල් වෙළඳපොලේ මිලදී ගැනීමටත් තියෙනවා.
09. වැසිකිළි බඳුනේ පැල්ලම් ඉවත් කරන්න.
වැසිකිළි බඳුනට කොකාකෝලා කෑන් එකක් වත් කරලා රැයක් තිබෙන්නට හරින්න. ඉන්පසුව එය සබන් මිශ්‍ර ජලයෙන් සෝදා හරින්න.
10. කැසිකිළි හා සින්ක් බට වල අවහිරතා ඉවත් කරන්න.
මුලින්ම විනාඩියක් පමණ එම බටය දිගේ උණු වතුර ගලා යාමට ඉඩ දෙන්න. ඉන් පසු එයට බේකින් සෝඩා ටිකක් දමන්න. ඒත් සමගම විනාකිරි කෝප්පයක් සෙමින් වත් කරන්න. නැවත වතාවක් උණු ජලය වත් කරන්න.
11. ෂවර් එක පිරිසිදු කිරීමට.
සුදු විනාකිරි පොලිතින් බෑග් එකකට දමා එය ෂවර් එකේ රූපයේ පරිදි රබර් බෑන්ඩ් එකක් ආධාරයෙන් රඳවන්න. මෙය රැයක් මෙසේ තිබෙන්නට දෙන්න. උදෑසන මෙය ඉවත් කරන්න. ඔබේ ෂවර් එක අලුතෙන් ගෙනාවා වගේ තියේවි.
12. බොත්තම් ගැලවී යාම වැළැක්වීමට.
ඇඳුම් වල බොත්තම් ගැලවී යාම වැළැක්වීමට බොත්තම මැද නූල් තිබෙන කොටසේ අවර්ණ නිය ආලේපන ටිකක් ගල්වන්න.
13. ශරීරයේ දුගඳ ඉවත් කිරීමට.
ඔබට ඩියෝඩ්‍රන්ට් එකක් ගෙන ඒමට අමතක වුණා නම් හෝ එය ඉවර වෙලා නම් ලෙමන් හෝ දොඩම් ගෙඩියක් දෙකට කපා එය ශරීරයේ ආලේප කරන්න. එමගින් දාඩිය ගඳ නැති වෙනවා.
14. ජංගම දුරකතනයේ හඬ වැඩි කිරීමට.
ඔබට ජංගම දුරකතනයේ ශබ්දය වැඩියෙන් අහන්න ඕන නම් එය වතුර බොන වීදුරුවක දමන්න. වතුර තිබෙන වීදුරුවකට නම් දමන්න එපා.
15. කූලර් එකක අයිස් වැඩි වෙලා දිය නොවී තියාගන්න.
ඔබ නිවසින් පිටතදී කූලර් එකක් භාවිතා කරනවා නම් එහි අයිස් දිය නොවී වැඩි වෙලාවක් පවත්වා ගැනීමට අයිස් මතට ලුණු ටිකක් ඉහින්න.
16. මුඛයට නැවුම් බවක් ලබා දීමට.
ඔබට නිවසින් පිට වුණාට පස්සේ දත් මදින්න අමතක වුන බව මතක් වුණොත්, ඇපල් ගෙඩියක් සැපීමෙන් මුඛයේ දුගඳ නැති වී යනවා.
17. පැඟිරි ඉටිපන්දම.
18. හිරවුණු මූඩියක් අරින්න.
ජෑම් බෝතල් වැනි බෝතල් වල මූඩිය තද වුණාම අරින්න අමාරුයි. මේ සඳහා බෝතල් මූඩිය මතට විනාඩියක් හෝ දෙකක් උණු වතුර වත් කරන්න. එහෙම නැත්නම් මූඩිය කොටස උණු වතුරේ ගිල්වා තබන්නත් පුලුවන්. ඉන් මූඩිය ඉහිල් වී විවෘත කිරීම පහසු වෙනවා.
19. ලී හැන්ඳේ උපක්‍රමය.
මේක හරියටම හරියන පරණ ක්‍රමයක්. ලිප මත තියෙන භාජනයක් උතුරා යන එක නවත්වන්න ඒ උඩින් ලී හැන්දක් තියන්න.
20. සිම් කාඩ් එක හෝල් එකේ පියන විවෘත කිරීමට.
සමහර ෆෝන් වල තියෙනවා සිම් කාඩ් එක හෝ මෙමරි චිප් එක පිටතින් ඇතුල් කරන්න. එවිට එම හෝල් එක වසා තිබෙන පියන විවෘත කිරීමට කුඩා කටුවක් තිබෙනව. එය නැති අවස්ථාවක ඉහත ආකරයට නවන ලද පේපර් ක්ලිප් එකක් භාවිතා කළ හැකියි.







