කවුරුත් කතාවුනු ආපසු නොඑන්නම අගහරු යන කෙල්ල - Alyssa Carson


ඊයෙ Siyatha TV එකෙත් ගියපු අගහරු ලෝකෙට පලවෙනි වතාවට යන්න ඉන්න ගෑනු ලමයෙක් ගැන සමාජ ජාලාවල ගොඩක් අය කතාබහ වෙනව. ඔන්න දැන් අලුත්ම කතාවක් යනව මේ කතාව බොරුවක් කියලත්. කොහොම උනත් අපි අද මේ අගහරු ලෝකෙට යන Alyssa Carson ගෙ ලස්සන චායාරූප ටිකක් ඔයාලට බලන්න අරන් ආව.

20 හැවිරිදි ඇමෙරිකානු ජාතික කාන්තාවක් වන Alyssa Carson අගහරු ලෝකය වෙත ගමන් කිරීමට නියමිත ලොව පළමු ජීවියා බවට පත්වීමට සූදානමින් පසුවනවා..

 ඇලිස්සා කාර්සන් කුඩා දැරියක වූ දා සිටම ඇය අභ්‍යවකාශය, සඳ,තාරකා ගැන ඉතාමත් උනන්දුවක් දැක්වූ දැරියක්. වයස අවුරුදු 3 දී ඇය තම පියාට පැවසුවේ, "තාත්තේ, මට ගගනගාමියෙකු වීමට අවශ්‍යයි,මට අඟහරු වෙත යන මිනිසුන්ගෙන් කෙනෙකු වන්න අවශ්‍යයි." මෙම ප්‍රකාශය සැබවින්ම අර්ථවත් සහ ජීවිත කාලය පුරාම දරන උත්සාහයක උපත බවට පත්වනු ඇතැයි ඔහු දැන සිටියේ නැත..

දියණියගේ ආශාව හදුනාගත් පියා ඇයව තාරකා සහ අභ්‍යවකාෂ කඳවුරු වලට යවන්න පටන් ගන්නවා. පසු ඇයට තිබ්බ ආශාව නිසාම ඉතා ලාබාල වයසේදීම ගගනගාමීයෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් ටික සපුරගන්න පුළුවන් වෙනවා. වයසට වඩා අභ්‍යවකාෂ දැනුමක් ඇති නිසා ඇයට පුළුවන් වෙනවා නාසා ආයතනය වෙතින් අගහරු වෙතට යවන පළමු ගගනගාමිය වෙන්න. 

කොහොම නමුත් ඇය අගහරු වෙත යන්නේ ආයෙත් එන්න බලන් නෙමෙයි..

ඇය නැවත පෘථිවියට නොපැමිණීමට හේතු - ඇය අඟහරු වෙත යන්නේ ජනාවාස ව්‍යාපෘතියට අදාල පරීක්ෂණ වලට බව සඳහන් වෙනවා.එමෙන්ම එහෙට යෑමේදී වගේම ගොඩ බැස්වීමේදීත් විවිධ ගැටළු එන්න පුළුවන්(උදාහරණයක් විදිහට ගත්තොත් ගොඩ බාද්දි යානය පිපිරෙන්න උනත් පුලුවන්. ඒ වගේම ඇයව දීර්ඝකාලීන පරීක්ෂණ කටයුතු සඳහා තමයි එහෙ යැවීමට නියමිතව ඇත්තේ.තවද පෘථිවියෙන් යන්න හැකි උනත් එහෙන් එන්න පුළුවන් තාක්ෂණ හැකියාවක් තියන යානයක් තවම සොයාගෙනත් නැත..

නවලෝකය ජයගැනීමට ඇගේ අධිෂ්ඨාණය සාර්ථක වේවා යැයි අප ප්‍රාර්ථනා කරමු. 





























Post a Comment